26.1 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිරෝධතාකරුවන්ට කොළඹ මාර්ග කීපයකට ඇතුල්වීම තහනම්

විරෝධතාකරුවන්ට කොළඹ මාර්ග කීපයකට ඇතුල්වීම තහනම්

අද (22) දිනයේදී විරෝධතාවයේ නිරත වන ගුරුවරුන්ට මුදල් අමාත්‍යංශය, ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ ගාලුමෝදර යන ස්ථානවලට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නියෝගයක් නිකුත් කළේය.

කොටුව පොලිසිය සිදු කරන ලද ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ විරෝධතාකරුවන්ට මහජන පීඩාවක් සිදු නොවන ආකාරයෙන් උද්ඝෝෂයේ නිරත විය හැකි බවත් එසේ නොමැතිව කලහකාරී ලෙස අනීතිකව හැසිරුනහොත් පොලිස් බලතල සහ දණ්ඩ නිති සංග්‍රහයේ වගන්ති අනුව ක්‍රියා කරන ලෙසත්ය,

ඒ අනුව කොටුව දුම්රිය ස්ථානයේ සිට සී. ටී. ඕ. හන්දිය දක්වා ඕල්කට් මාවත, සී. ටී. ඕ. හන්දියේ සිට සෙරමික් හංදිය, එන්. එස්.ඒ. වටරවුම දක්වා ඇති ලෝටස් මාර්ග, යෝර්ක් වීදිය, බැංකු මාවත , බාරොන් ජයතිලක මාවත, බාලදක්ෂ මාවත, චෛත්‍ය පාර, ජනාධිපති මාවත, ගාලුමෝදර වට වටරවුමේ සිට එන්. එස්. ඒ. වටරවුම දක්වාත් වන සියලු මාර්ග අවහිර නොවන ලෙසට ක්‍රියා කරන ලෙසයි අධිකරණය විරෝධතාකරුවන්ට නියම කර ඇත්තේ.