― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඥානක්කගේ දුවගේ ගෙදර ලක්ෂ ගානක රත්‍රං බඩු අතුරුදන්

ඥානක්කගේ දුවගේ ගෙදර ලක්ෂ ගානක රත්‍රං බඩු අතුරුදන්

අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක් පවත්වාගෙන යන ඥානක්කා නැමැත්තියගේ දියණියගේ නිවසින් රුපියල් ලක්ෂ 80කට අධික වටිනාකමකින් යුත් මුදල් සහ රන් භාණ්ඩ සොරකම් කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඥානක්කාගේ දියණියගේ සැමියා විසින් මෙම සොරකම පිළිබඳව අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර උතුරුමැද පළාතේ ව්‍යාපෘති කළමනාකරුවෙකු වන ඔහු තම නිවසේ කාමරයක අල්මාරියක තිබූ රුපියල් හයලක්ෂ පනස් දහසක් වටිනා මුදල් සහ රත්‍රන් සොරාගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිලි කර ඇත.

ඔහු පොලිසියට කළ පැමිණිල්ලට අනුව සොරාගත් මුදල් සහ රන් භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් අට ලක්ෂ පනස් දහසක් පමණ වේ.

“අල්මාරියේ රත්තරන් පෙට්ටි තුනක් තිබුණා. එයින් රුපියල් ලක්ෂ 05ක් පමණ වටිනා දියමන්ති එබ්බවූ කරාබු යුගල 02ක්, රුපියල් ලක්ෂ 06ක් පමණ වටිනා දියමන්ති මුදු දෙකක් සහ රුපියල් ලක්ෂ 09ක් පමණ වටිනා දියමන්ති ඇලවූ වළලු දෙකක් සහ රුපියල් ලක්ෂ 48ක් පමණ වටිනා දියමන්ති ඔබ්බවන ලද රන් තහඩු 03ක් ඇතුළු මාල කිහිපයක්, වළලු, පෙන්ඩන්ට්, මුදු සොරාගෙන තිබුණා.” යනුවෙන් ඔහු කළ පැමිණිල්ලේ සඳහන් වේ.

පසුගිය 02 වැනිදා සිට පෙරේදා දක්වා කාලය තුළ මෙම සොරකම සිදුව ඇති බවයි පැමිණිලිකරු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

ඊයේ (21) සවස මිතුරෙකුගේ මංගල උත්සවයකට සහභාගි වීම සඳහා අල්මාරියේ තිබූ රන් භාණ්ඩ පරීක්ෂා කිරීමේදී මුදල් සමඟ රන් භාණ්ඩ අතුරුදන් වී ඇති බව ඔහු දැක තිබේ.

තම බිරිඳ පසුගිය 02 වැනිදා අනුරාධපුර ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට මෙම රන් භාණ්ඩ කිහිපයක් පැළඳගෙන පැමිණ ඇති බවත් එදින එම රන් භාණ්ඩ අල්මාරියේ තිබූ බවත් පැමිණිලිකරු පොලිසියට කියා සිටියේය.

පසුගිය මාර්තු මස 02 වැනිදාත් 20 වැනිදාත් අතර මෙම සොරකම සිදුවන්නට ඇති බවට සැකකරන බවයි පොලිසිය පවසන්නේ. ඔහු සඳහන් කළේ අතුරුදන් වූ රන් භාණ්ඩ සහ මුදල් පිළිබඳව සේවිකාව සැක කරන බවයි. ඇය එම නිවසේ වසර 06ක පමණ කාලයක් සේවය කරන සේවිකාවක් බවත් පසුගිය දිනක නිවසින් පිටව ගොස් නැවත නොපැමිණි බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇත.