28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිනේෂ් ශාෆ්ටර්ගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය කල් යයි

දිනේෂ් ශාෆ්ටර්ගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය කල් යයි

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක දිනේශ් ශාෆ්ටර්ගේ මරණය සම්බන්ධ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ශනය ලබන 04 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (22) යළිත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

මෙම මරණය සිය දිවි හානි කර ගැනීමක්ද නැතහොත් ඝාතනයක් ද යන්න තීරණය කිරීම සඳහා පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත්කර ඇති බවත් මෙය දීර්ඝ විමර්ශනයක් බවට පත්වී ඇති බවත් අගතියට පත් පර්ශ්වය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න පැවසීය.

ඒ අනුව මෙම නඩුව කැඳවීම සඳහා ලබන අප්‍රේල් මස 04 වැනිදා දක්වා නඩුව කල් තැබීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.