― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsබස් ගාස්තු අඩු වන ලකුණු

බස් ගාස්තු අඩු වන ලකුණු

අප්‍රේල් මාසයේ මුලදී ඉන්ධන මිල ගණන් අඩු වුවහොත් එහි වාසිය ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඒ අනුව ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය ජනතාවට ලබා දෙමින් බස් ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ.

ඩොලරයේ අගය අඩු වීම හේතුවෙන් අප්‍රේල් මාසය වන විට නව ගාස්තු ක්‍රමයකට යාමට හැකියාව ලැබෙනු ඇතැයි ද ගැමුණු විජේරත්න විශ්වාසය පළ කරනවා.

ඩොලරයේ අඩු වීමට සාපේක්ෂව මේවන විට බස් රථවල අමතර කොටස් මිල ගණන් ද අඩු වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කරන ලෙසට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් ඔහු ඉල්ලීමක් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබීම හමුවේ සොරකම් කිරීමකින් තොරව ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට සියලුදෙනා කටයුතු කළ යුතු බවයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

IMF ණය සහන ලැබීම හේතුවෙන් මෙතෙක් කල් ලබා ගැනීමට නොහැකිව සිටි Electric බස්රථ 50ක් ලබා ගැනීමට හැකි වන බව ද ඔහු වැඩිදුරටත් කියාසිටියා. එමෙන්ම IMF සහනය ලබාගැනීම හමුවේ කිරිබත් කා රතිඤ්ඤා දල්වා ජය සැමරීම ඇතැම් පුද්ගලයන් විවේචනය කළත් එය විවේචනය කළ යුතු දෙයක් නොවන බවයි ගැමුණු විජේරත්න සඳහන් කළේ.