26.7 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමං වැල් පාලමෙන් එගොඩ කළේ නාමල් නෙවෙයි අපේ රටයි - ජනපති

මං වැල් පාලමෙන් එගොඩ කළේ නාමල් නෙවෙයි අපේ රටයි – ජනපති

තමන් වැල් පාලමෙන් එගොඩ කිරීමට උත්සාහ කරන්නේ නාමල් රාජපක්ෂ බවට විපක්ෂය සඳහන් කළත් තමන් ශ්‍රී ලංකා මාතාව වැල් පාලමෙන් එගොඩ කළ බවට මේ වන විට මුළු ලෝකයම පිළිගෙන ඇති බව ජනපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

විවධ හේතු කියමින් විපක්ෂය මට සහාය දීම ප්‍රතික්ෂේප කළා. මගේ පත්වීම ව්‍යවස්ථාවට විරුද්ධයි කිව්වා. ජාතික ලැයිස්තුවෙන් අගමැතිවරු පත්කරන්න බෑ කිව්වා. මගේ අරමුණ රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම නෙමෙයි රාජපක්ෂලා බේරා ගැනීම කිව්වා. අසීරු වැල් පාලමෙන් මම එගොඩ කරන්නේ ශ්‍රී ලංකා මාතාව නෙමෙයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කිව්වා. නමුත් ශ්‍රී ලංකා මාතාව වැල් පාලමෙන් එගොඩකරන්න ක්‍රියා කළ බව දැන් ජාත්‍යන්තරයම පිළි අරගෙන තිබෙනවා.”