22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමහින්දානන්ද අලුත්ගමගේට සභාපති ධුරයක්

මහින්දානන්ද අලුත්ගමගේට සභාපති ධුරයක්

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේදී ඒකමතිකව තේරී පත්වී තිබෙනවා.

එම කාරක සභාවේ පළමු රැස්වීම ඊයේ පැවැත්වූ අතර, ඔහු තේරී පත් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන්.

රජය විසින් ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්තීන් පිළිබඳ අධීක්ෂණය කිරීම සහ රටේ භෞතික සැලසුම් පිළිබඳ මෙම කාරක සභාව කටයුතු කරන බැවින් පක්ෂ භේදයකින් තොරව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව කාරක සභාවේ නව සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මෙහිදී ප්‍රකාශ කළා.

මෙම කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉරාන් වික්‍රමරත්න, අශෝක් අබේසිංහ, හර්ෂණ රාජකරුණා සහ සුදත් මංජුල යන මහත්වරු සහභාගී වී සිටියා.