23.4 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldදිවි තොර කර ගැනීමට තැත් කළ දෙමළ සරණාගතයින් 05ක් රෝහලට

දිවි තොර කර ගැනීමට තැත් කළ දෙමළ සරණාගතයින් 05ක් රෝහලට

ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් 05 දෙනෙකු බ්‍රිතාන්‍ය පාලනය යටතේ පවතින ඩියාගෝ ගාර්ෂියා දූපතේදී සියදිවි නසා ගැනීමට තැත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් 05 දෙනාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා රුවන්ඩා රෝහලට ඇතුළත් කර ඇති බවයි ‘The New Humanitarian පුවත්පත’ විසින් ප්‍රකාශයට පත් කර ඇත්තේ.

සරණාගතයින් 5 දෙනා රුවන්ඩාවේ අගනුවර වන කිගාලිහි රුවන්ඩා රෝහලේ ප්‍රතිකාර ලබති. අදාළ සරණාගතයින් මාස 18ක් ඩියාගෝ ගාර්ෂියා හි රඳවා සිටි බව පැවසේ.