― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalදුප්පත් ජනතාවට පුළුවන් උපරිම සහන දෙනවා - අගමැති

දුප්පත් ජනතාවට පුළුවන් උපරිම සහන දෙනවා – අගමැති

ඉදිරියේදී අඩු ආදායම්ලාභීන්ගේ ජීවන ගැටලු සඳහා දිය හැකි හැම සහනයක් ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලින්ද ඒ සඳහා මඟ පෙන්වා තිබෙන බවත් අර්බුදයෙන් ගොඩ ඒමට දැන් දොරටුවක් විවෘතවී තිබෙන අතර ඒ දොරටුව විවර වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් නොව මුළු මහත් මුළු මහත් ජාතියක් සඳහා බවත්ය.