― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට කතුන්ට ජපානයෙන් මිලියන 1.6ක මානුෂීය ආධාර

මෙරට කතුන්ට ජපානයෙන් මිලියන 1.6ක මානුෂීය ආධාර

ශ්‍රී ලංකාවේ සමාජ – ආර්ථික අර්බුදයෙන් වඩාත් පීඩාවට පත් වූ කාන්තාවන්ට මානුෂීය ආධාර ලබාදීම සඳහා ජපාන රජය එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකයට ඩොලර් මිලියන 1.6ක් ලබා දී තිබේ.

මෙම අරමුදල් ‘අර්බුදය තුළ කාන්තාවන් සවිබල ගැන්වීම’ යන නව ව්‍යාපෘතියක කොටසක් වන අතර එම ව්‍යාපෘතිය 2023 පෙබරවාරි සිට 2023 දෙසැම්බර් දක්වා ක්‍රියාත්මකය.

එමගින් ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනයට මුහුණ දුන් කාන්තාවන් 1,200කට වැඩි පිරිසකට හා ඔවුන්ගේ දරුවන්ට සහාය ලබාදෙනු ඇත.