― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPolitical"සුළු ණයක් ලැබුණාම කිරිබත් කන මෝඩ මිනිස්සුත් ලංකාවේ ඉන්නවා"

“සුළු ණයක් ලැබුණාම කිරිබත් කන මෝඩ මිනිස්සුත් ලංකාවේ ඉන්නවා”

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් මූල්‍ය පහසුකම අනුමත කිරීමෙන් අනතුරුව ඒ වෙනුවෙන් රතිඤ්ඤා පත්තු කළ කිරිබත් කන අඥාන මිනිසුන් ශ්‍රී ලංකාවේ සිටින බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මේ වන විට ශ්‍රී ලංකාව ලෝකයට ඩොලර් බිලියන 55ක් ණය වී ඇති බවත් ඉදිරි වසර හතරේදී තවත් ඩොලර් බිලියන 7ක් ණය ලබා ගන්නා බව ජනපති ප්‍රකාශ කර ඇති බවත්ය.

ඒ අනුව තවත් වසර හතරක් අවසානයේදී ශ්‍රී ලංකාවේ ණය ඩොලර් බිලියන 62ක් දක්වා ඉහළ යනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. එමෙන්ම රට හදන හැටි බලයට පත්වූ විට කරන බවත් ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම තවමත් ඩොලර් 3000ක් බවත් ඔහු ප්‍රකාශ කළේය.