30 C
Colombo
Sunday, May 3, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාඨලීට අලුත් තනතුරක්

පාඨලීට අලුත් තනතුරක්

පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය (ක්‍රම සහ විධි) පිළිබඳ ස්ථාවර කමිටුවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක අද (23) තේරී පත් වී තිබේ.

එම පාර්ලිමේන්තු කමිටුවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු සියළු ආදායම් ආයතන අධීක්ෂණය කිරීම, බදු සහ තීරු බදු විමර්ශනය කොට නව අදහස් වාර්තා කිරීම සහ ප්‍රගති සමාලෝචනය, විදේශ වෙළෙඳ ගිවිසුම් සහ ඊට අදාළ කරුණු අධීක්ෂණය කිරීම, සමාජ සුබසාධනය සම්බන්ධ රාජ්‍ය වියදම් ක්‍රියාදාමය අධීක්ෂණය කිරීම, ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සම්බන්ධ ක්‍රියාදාමය අධීක්ෂණය කිරීම ඇතුළු මුදල් අමාත්‍යාංශ විෂය පථයෙන් වැඩි කොටසක් සමාලෝචනය සහ අධීක්ෂණය කිරීමේ බලතල හිමි වෙයි.