26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඡන්දෙට සල්ලි දෙනවද නැද්ද කියලා එක වචනෙකින් උත්තර දෙන්න

ඡන්දෙට සල්ලි දෙනවද නැද්ද කියලා එක වචනෙකින් උත්තර දෙන්න

ඡන්දෙට සල්ලි දෙනවද? නැද්ද? කියා එක වචනෙකින් උත්තර දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (24) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයාගෙන් විමසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ 2023 අයවැයේදී මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10 ක් වෙන් කර ඇති අතර ඒ බිලියන 10 මැතිවරණ කොමිසමට ලබාදී මැතිවරණය පවත්වන්න රජයට වගකීමක් තිබෙන බවයි.

ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙසේද කීය.

මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග කීපයක් පවතිනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට භාණ්ඩාගාර ලේකම් විසින් කරුණු ඉදිරිපත් කර තිබෙනවා. අපි ඒ තීරණවල ක්‍රියාමාර්ග අනුව කටයුතු කරනවා. අධිකරණයේ පවතින කරුණු ගැන කතා කරන්නේ නෑ. අපි නෙවෙයි නේ උසාවි ගියේ.