29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමෙරට මාර්ග සංවර්ධනයට ඉන්දීය සහය ලැබෙන ලකුණු

මෙරට මාර්ග සංවර්ධනයට ඉන්දීය සහය ලැබෙන ලකුණු

ප්‍රවාහන ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා අදි (24) ඉන්දියාවේ මාර්ග ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ශ්‍රී නිතින් ගඩිකාරි හමුව සාකච්ඡා කර තිබෙනවා.

ඉන්දිය අමාත්‍යවරයා සහ මහ කොමසාරිස්වරයා අතර හමුව ඉතා සුහදව පැවති අතර, ප්‍රවාහන ක්ෂේත්‍රයේ දෙරට අතර සහයෝගිතාව සහ හවුල්කාරිත්වයට අදාළ කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදි සාකචිඡා කෙරුණා.

මහාමාර්ග අංශයේ රාජ්‍ය-සෞද්ගලික හවුල්කාරිත්වය පිළිබඳ ඉන්දියාවේ අත්දැකීම ශ්‍රී ලංකාව සමග බෙදා ගැනීමට මහ කොමසාරිස් මොරගොඩ අමාත්‍ය ගඩිකාරිගේ සහාය ඉල්ලා සිටි අතර මෙම අත්දැකීම ශ්‍රී ලංකාවේ අදාළ පාර්ශ්වකරුවන් සමඟ හුවමාරු කරගත හැකි පදනමක් සැකසීමට ද ඔහු යෝජනා කළා.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා සඳහා ඉන්දිය ආයෝජකයින් දිරිමත් කළ හැකි බව ද මොරගොඩ විසින් මෙහි දි සදහන් කරනු ලැබුවා.