33.4 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපියා සමඟ මිසයිල දියත් කිරීමේ මෙහෙයුමක් නිරීක්ෂණයට ගිය දියණිය

පියා සමඟ මිසයිල දියත් කිරීමේ මෙහෙයුමක් නිරීක්ෂණයට ගිය දියණිය

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සිය දියණිය ද කැටුව Hwasong-17 මිසයිලයේ අත්හදා බැලීම් අධීක්ෂණය කිරීමට එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ සඳහා ඔහුගේ දියණිය වන කිම් ජු-ඒ (Kim Ju Ae) මිල අධික ක්‍රිස්ටියන් ඩයර් ජැකට්ටුවක් පැළඳ සිටි ඇති අතර එම ජැකට්ටුව ඩොලර් 2,800 ක් පමණ වටිනාකමකින් යුක්ත බවයි සඳහන් වන්නේ. ලොව පුරා ප්‍රසිද්ධ ඉහළ පෙළේ විලාසිතා සන්නාමයක් වන ක්‍රිස්ටියන් ඩයර් විලාසිතාවන්ට ඇය ප්‍රිය කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

තමන් දිය යට න්‍යෂ්ටික ප්‍රහාරක ඩ්‍රෝන යානයකින් විකිරණශීලී සුනාමියක් මුදා හැරීමට සමත් වූ බවයි කෙසේ වෙතත් උතුරු කොරියාව අද (24) යළිත් කියා සිටියේ.