24.5 C
Colombo
Wednesday, December 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldරාහුල් ගාන්ධි පාර්ලිමේන්තුවට නුසුදුස්සකු බව ප්‍රකාශයට

රාහුල් ගාන්ධි පාර්ලිමේන්තුවට නුසුදුස්සකු බව ප්‍රකාශයට

සාපරාධී අපහාස නඩුවකට වරදකරු වීම හේතුවෙන් කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි පාර්ලිමේන්තුවට නුසුදුස්සකු බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සූරත් හි අධිකරණයක් විසින් ඔහු වරදකරු කරනු ලැබුවේ ඊයේ දිනයේදී යි.

එම තීරණය ලැබීමෙන් දිනකට පසු, කොංග්‍රස් පක්ෂයේ හිටපු සභාපති රාහුල් ගාන්ධි ලෝක් සභාවට නුසුදුස්සකු බවට නම් කර තිබෙනවා.

රාහුල් ගාන්ධිගේ නුසුදුසු බව දැනුම් දෙමින් ලෝක් සභා මහලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම තීරණය ඔහු වරදකරුවෙකු වූ ඊයේ (23) සිට ක්‍රියාත්මක වන බවයි.