― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldසංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට මළල ක්‍රීඩා තහංචියක්

සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට මළල ක්‍රීඩා තහංචියක්

ලෝක මලල ක්‍රීඩා සම්මේලනය සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර ඉසව්වල කාන්තා අංශයෙන් තරග කිරීම තහනම් කර ඇති අතර අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ටෙස්ටොස්ටෙරෝන් සීමාවන් දැඩි කර ඇති බව පාලක මණ්ඩලය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පිරිමියෙකු ලෙස වැඩිවියට පත් වූ කිසිදු සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවකට මාර්තු 31 වන දා සිට කාන්තා ලෝක ශ්‍රේණිගත කිරීමේ තරග සඳහා සහභාගි වීමට අවසර නොදෙන බව එහි සභාපති සෙබස්තියන් කෝ සාමිවරයා ප්‍රකාශ කර ඇත.

ක්‍රීඩාවේ වඩාත්ම මතභේදාත්මක සහ බෙදීම් ඇති කරවන සුළු ප්‍රශ්නවලින් එකක් වන මෙම ගැටලුව වටා ඇති නීති 2022 වසරේ දී සම්මත කර ගත් ලෝක ජල ක්‍රීඩාවට අදාල නීති හා සමාන අයුරින් යාවත්කාලීන කර තිබේ.

ඒ අනුව ලෝක මලල ක්‍රීඩා කවුන්සිලය ද ලිංගික සංවර්ධනයේ (ඩීඑස්ඩී) වෙනස්කම් ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වන ප්ලාස්මා ටෙස්ටොස්ටෙරෝන් උපරිම ප්‍රමාණය ලීටරයකට නැනෝමෝල් පහේ සිට 2.5 දක්වා අඩකින් අඩු කිරීමට කටයුතු කර තිබේ.

එම නව තරග කොන්දේසියත් සමග ඩීඑස්ඩී මලල ක්‍රීඩකයින්ට සියලු ම ඉසව් සඳහා තරඟ කිරීමේ දී අවම වශයෙන් මාස 24ක කාලයක් තුළ නව සීමාවට වඩා අඩුවෙන් ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩු කිරීමට සිදුවනු ඇති බව එම සම්මේලනය පවසයි.

නව කොන්දේසියත් සමග කල් ඉකුත් වී යන්නේ, කාන්තා කාණ්ඩයේ තරග කිරීමට පෙර මාස 12ක කාලයක් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් අඛණ්ඩව ඔවුන්ගේ රුධිරයේ අඩංගු ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණය උපරිමය 5න්මොල්/ළ් දක්වා පවත්වා ගෙන එම සීමාවේ රැඳී සිටිය යුතු බවට වූ ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ පැවති රෙගුලාසියයි.

මෙම තීරණය කාන්තා කාණ්ඩය ආරක්ෂා කිරීම යන පුළුල් මූලධර්මය අනුව ගත් එකක් බව අදාල තීරණය සම්බන්ධයෙන් අදහස් දැක් වූ කෝ සාමිවරයා පවසා තිබේ.

#aruna