පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ තුළ එළවළු මිල සීඝ්රයෙන් පහළ බැස ඇත.
අලුත් අවුරුදු සමයේ තවදුරටත් එළවළු මිල පහත යා හැකි බවයි එම වෙළෙඳ සංගමයේ ලේකම් චමින්ද පිරීස් මහතා පැවසුවේ.
පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පාරිභෝගිකයින් එළවළු මිලදී ගැනීම සීමා කර ඇති බවත් ඒ හේතුවෙන් මිල දී ගැනීම් අවම වී ඇති බැවින් එළවළුවල මිල පහළ යා හැකි බවත් ඔහු වැඩිදුරටත් ප්රකාශ කරා.