26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බුද්ධ ශාසන අරමුදල රැස්වේ

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බුද්ධ ශාසන අරමුදල රැස්වේ

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් බුද්ධශාසන අරමුදලේ සාමාජිකයෝ 2023.03.24 දින කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රැස්වුහ.

මෙහිදී බුද්ධ ශාසන අරමුදලේ වත්මන් තත්වය, පසුවිපරම හා ප්‍රගතිය පිළිබඳ පිරික්සින.

එමෙන්ම බුද්ධ ශාසනයේ, භික්ෂූන් වහන්සේගේ, විහාරස්ථාන ඇතුළු බෞද්ධ සිද්ධස්ථානයන්හි උන්නතිය වෙනුවෙන් වන මතු යෝජනා පිළිබඳව සාකච්ඡාවට බඳුන් විය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, වැඩ බලන මහ භාරකාර . එම්. නාලිකා, රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂක ආර්.ඒ.එල්. උදය කුමාර යන කමිටු සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්වුහ.