30 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමොරටුවේ දී පුද්ගලයෙකුගේ දෑත් අහිමි කළ කඩුව සොයාගැනේ

මොරටුවේ දී පුද්ගලයෙකුගේ දෑත් අහිමි කළ කඩුව සොයාගැනේ

මොරටුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ දෑත් කපා දැමූ කඩුව එගොඩඋයන, මෝසස් පාරේ මුහුදේ ගල් අතර තිබිය දී සොයාගෙන තිබෙනවා.

ගල්කිස්ස අපරාධ කොට්ඨාසය විසින් අද (26) පෙරවරුවේ මෙම කඩුව සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු විසින් කපා දමා රැගෙන ගිය අත්දෙක එම ස්ථානයෙන් මුහුදර විසිකළ බවයි සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

මේ අතර සැකකරුට නවාතැන් දුන් ජනප්‍රිය මාවතේ පදිංචි වයස අවුරුදු 33ක පුද්ගලයෙක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අද (26) මොරටුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.