25.6 C
Colombo
Thursday, May 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහවැලි ගඟට පැන්න රැඳවියාගේ සිරුර හමුවෙයි

මහවැලි ගඟට පැන්න රැඳවියාගේ සිරුර හමුවෙයි

පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් පළා ගොස් මහවැලි ගගට පනිනු ලැබූ රැඳවියාගේ සිරුර හමුවී තිබෙනවා.

එම රැඳවියාගේ මෘත ශරීරය නාවික හමුදාව සහ පොලිසිය මහවැලි ගඟේ සිදු කළ මෙහෙයුමකදී සොයා ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

එළිමහන් කඳවුරේ සිටි මෙම රැඳවියා සිර කඳවුරෙන් පැන ගොස් මහවැලි ගඟ හරහා පළායන අවස්ථාවේදී දියේ ගිලී අතුරුදහන්ව තිබුණේ පෙරේදා (24) යි.

34 හැවිරිදි ඔහු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය මහනුවර රෝහලේ තැන්පත් කර ඇති අතර පල්ලෙකැලේ පොලිසියයි විමර්ශණ සිදු කරන්නේ.