29 C
Colombo
Tuesday, November 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅම්බලන්ගොඩ මහා වැලි ජාවාරමක් වටලයි - 15ක් අත්අඩංගුවට

අම්බලන්ගොඩ මහා වැලි ජාවාරමක් වටලයි – 15ක් අත්අඩංගුවට

විශාල පරිසර හානියක් සිදුකරමින් අම්බලන්ගොඩ මාමඩල ජන්සගම ප්‍රදේශයේ මහා පරිමාණයෙන් සිදුකළ වැලි කැණීමක් වටලා පුද්ගලයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය පවසනවා.

මෙය පවත්වාගෙන ගොස් තිබුණේ ජන්සගම විශාල කුඹුරු යායක් තුළයි.

සැකකරුවන් සමග රුපියල් කෝටි ගණනක් වටිනා වැලි කියුබ් පන්සියයක්, ස්කැවරේටර් යන්ත්‍ර හතක් ,වතුර මෝටර් හතරක් ,ඛනිජ ද්‍රව්‍ය පිරිසුදු කිරීමට ගන්නා යන්ත්‍ර තුනක් ,විශාල ප්‍රමාණයේ විදුලි ජනන යන්ත්‍ර තුනක්, ඩීසල් තොගයක් පොලිස් භාරයට ගැනුණා.

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ නීති අංශයේ බලගැන්විමේ ඒකකය ද මෙම වැටලීම සදහා සහයෝගය ලබා දී තිබුණා.