31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldරුධිරය පරිත්‍යාග කර ගිනස් පොතට ගිය ජොසෆින්

රුධිරය පරිත්‍යාග කර ගිනස් පොතට ගිය ජොසෆින්

203න් වතාවක් රුධිරය පරිත්‍යාග කළ කැනේඩියානු ජාතික කාන්තාවක් පිළිබදව අද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඇය ගිනස් ලෝක වාර්තා පොතද අලුත් කරනු ලැබුවේ ලොව වැඩිම වාර ගණනාවක් රුධිරය පරිත්‍යාග කළ තැනැත්තා ලෙසටයි.

මේ වනවිට 80 වන වියේ පසුවන ජොසෆින් මිකාලුක් සිය සිරුරෙන් දන් දී ඇති රුධිර ප්‍රමාණය ලීටර් 96 ක්.

1965 වසරේ වයස අවුරුදු 22 කතරුණියකව සිටියදී වූ ඇය කැනඩාවේ ඇල්බර්ටා ප්‍රදේශයේ දී මුල්වරට ඇය රුධිර පරිත්‍යාගක් කර ඇති අතර ඒ ඇයගේ සහෝදරියගෙන් ලද ඇරයුමකට අනුවයි.

එවක පටන් රුධිරය පරිත්‍යාග කිරීමට හැකි සෑම අවස්ථාවකම ඇය රුධිරය පරිත්‍යාග කර ඇති අතර ජාතිය ආගම් භේදයකින් තොරව රුධිරය අවැසි සැම වෙනුවෙන් ජෝසෆින් රුධිරය පරිත්‍යාග කිරීමට නොපැකිලව ඉදිරිපත් වී තිබෙනවා.