31.1 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනාවික හමුදාවෙන් විශේෂ නිවේදනයක්

නාවික හමුදාවෙන් විශේෂ නිවේදනයක්

කච්චතිව් දූපතෙහි ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය හැර වෙනත් කිසිදු ආගමික සිද්ධස්ථානයක් ඉදිකිරීමට කටයුතු නොකරන බව නාවික හමුදාව පවසනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය අද (27) දහවල් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළේ ,පසුගිය දිනවල කච්චතිව් දූපතෙහි ආගමික සිද්ධස්ථානයක් ඉදිකිරීමට නාවික හමුදාව කටයුතු කරන බවට පළව තිබූ වාර්තා වලට ප්‍රතිචාර දක්වමින්.

මිනිස් වාසයකින් තොර කවිච්චතිවු දූපතේ ආරක්ෂාව සඳහා නාවික හමුදා අනු කණ්ඩායම් ස්ථාපිත කර ඇති අතර නාවික හමුදා බෞද්ධ සංගමයේ පූර්ණ දායකත්වයෙන් ඉඳිකර ඇති ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය රැකබලා ගැනීම ඔවුන් විසින් සිදුකරනු ලබනවා.

මෙම අනු කණ්ඩයේ රාජකාරි සිදුකරන බහුතර නාවිකයින් බෞද්ධාගමිකයින් වන අතර ඔවුන්ගේ වන්දනාමාන සඳහා අනු කණ්ඩයේ භට නිවෙස අසළ කුඩා බුදු පිළිමයක් තැන්පත් කර ඇති බවයි අදාළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ.