30 C
Colombo
Monday, April 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldලොව මිල අධිකම “EID - MAR” රන් කාසිය යළිත් ග්‍රීසියට

ලොව මිල අධිකම “EID – MAR” රන් කාසිය යළිත් ග්‍රීසියට

ලොව මිල අධිකම රත්තරන් කාසිය ලෙස සැලකෙන “EID – MAR” කාසිය ඇමෙරිකානු බලධාරීන් විසින් ග්‍රීසියට නැවතත් භාර දී තිබෙනවා.2021 වසරේ වෙන්දේසියකදී මෙම කාසිය ඇමෙරිකානු ඩොලර් මිලියන 4.2 කට අලෙවි කර තිබේ.

මෙම කාසිය සෙනෙට් සභික බෘටස් විසින් සීසර් ගේ ඝාතනය සිහිවීම සඳහා සමරුවක් ලෙස වසර 2000 කට පෙර නිර්මාණය කර ඇත.

ඇමෙරිකානු ස්වදේශ ආරක්ෂක නිලධාරීන්(හෝම් ලෑන්ඩ්) සිදු කළ විමර්ශනයකදී ව්‍යාජ ලේඛන යොදා ගනිමින් මෙම කාසිය වෙන්දේසියේ ලැයිස්තුගත කර ඇති බවත් කාසිය ග්‍රීසියේ සිට සොරකම් කර රැගෙන ආ එකක් බවත් අනාවරණය කර ගෙන ඇත.

කාසිය වෙන්දේසියේ අලෙවි කළ පුද්ගලයාද ස්වදේශ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.