28 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsස්වාධීන කොමිෂන් සභා සාමාජිකයින් තේරීමේ කටයුතු අද

ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයින් තේරීමේ කටයුතු අද

ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් තෝරා ගැනීමට අදාළ පරීක්ෂණ කටයුතු අද (27) දිනයේදීද සිදුකරීමට නියමිතය.

මීට අදාළ කටයුතු පසුගිය සතියේදී ආරම්භ වූ අතර පසුගිය සතියේ අවස්ථා කිහිපයකදී ව්‍යවස්ථාදායක සභාව රැස් වී තිබේ.

මැතිවරණ කොමිසම, සීමානීර්ණ කොමිසම, ජාතික පොලිස් කොමිසම ඇතුළු කොමිෂන් සභා 10ක් සඳහා සාමාජිකයින් පත්කිරීමට අදාළ අයදුම් පත් කැඳවීම පසුගියදා සිදු කරනු ලැබූ අතර මේ සඳහා අයදුම්පත් 2,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබේ.

මෙම අයදුම්පත් වෙන වෙනම කාණ්ඩ යටතට පත් කිරීමෙන් අනතුරුව පරීක්ෂණ කටයුතු සඳහා පුද්ගලයින් කැඳවා තිබෙන අතර පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් අනතුරුව අදාළ නාම ලේඛනය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.