28 C
Colombo
Monday, October 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඅමෙරිකාවේ පාසලක වෙඩිතැබීමක් - 06 දෙනෙක් ජීවිතක්ෂයට

අමෙරිකාවේ පාසලක වෙඩිතැබීමක් – 06 දෙනෙක් ජීවිතක්ෂයට

අමෙරිකාවේ නැෂ්විල් හි ප්‍රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වෙඩිතැබීම අවුරුදු 03ත් 11ත් අතර සිසුන් අධ්‍යාපනය ලබන පෞද්ගලික ක්‍රිස්තියානි පාසලක සිදුව ඇති අතර ඝාතනයට ලක්ව ඇති ළමුන් තිදෙනා 09 හැවිරිදි වියේ පසුවූ සිසුවියන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

වෙඩිතැබීම කාන්තාවක් විසින් සිදුකර ඇති අතර පොලීසිය විසින් ඇයවද වෙඩි තබා ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

28 හැවිරිදි සැකකාරිය එම පාසලේම ආදි ශිෂ්‍යාවක බවට සැකකරන අතර වෙඩි තැබීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ පාසල් සහ පල්ලි සෝදිසි කිරීමට සැලසුම් කර තිබේ.