27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsග්‍රහලෝක 05ක් එක පෙළට දිස්වන දුර්ලභ අවස්ථාවක්

ග්‍රහලෝක 05ක් එක පෙළට දිස්වන දුර්ලභ අවස්ථාවක්

අද (28) රාත්‍රියේදී පෘථිවිවාසීන්ට ග්‍රහලෝක 05ක් එක පෙළට දැක බලාගැනීමේ දුර්ලභ අවස්ථාවක් උදාවන බව නාසා ආයතනය පවසයි.

නාසා ආයතනය පවසන්නේ බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ යුරේනස් බටහිර අහසේ සූර්යා බැසයාමෙන් පසු දැකගත හැකිවනු ඇති බවයි.

නැඟ එමින් පවතින චන්ද්‍රයා ආසන්නයෙන් බුද ග්‍රහයා දැකගත හැකි අතර ඉතාමත්ම දීප්තියෙන් බ්‍රහස්පති ග්‍රහයා දිස්වනු ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

එමෙන්ම මන්ද දීප්තියකින් යුරේනස් ග්‍රහ ලොව සිකුරු ග්‍රහයා අසළින් දිස්වන අතර තවත් වසර 40 කටවත් මෙවැනි සිදුවීමක් දැකබලාගත හැකි නොවනු ඇති බවයි නාසා ආයතනය පවසන්නේ.