― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldදරුවන් බලාගන්න ජපානයේ තාත්තලාට ලොකු නිවාඩුවක්

දරුවන් බලාගන්න ජපානයේ තාත්තලාට ලොකු නිවාඩුවක්

රැකියාවක නියැළෙන කාන්තාවකට දරුවෙකු ලැබුණු විට ඇයට මාතෘ නිවාඩු ලබා දීම සාමාන්‍ය සිරිතක් වන අතර ඇතැම් රටවල මෙම කාන්තාවන්ගේ සැමියන්ට පීතෘ නිවාඩු ලබාදීම ඔබ අප දන්නා කරුණක්.

ජපානය කියන්නෙත් එවැනි රටක්. ඒ අනුව සති හතරක කාලයක් නිවාඩු ගැනීමට ජපාන පියවරුන්ට හැකියාව ලැබේ. කෙසේනමුත් මෙම නිවාඩුව ලබාගන්න පියවරුන්ගේ සංඛ්‍යාව ඉතාමත් අඩු අගයක් ගනී. එය ප්‍රතිශතයක් ලෙස සියයට 14ක් බවයි සඳහන් වන්නේ.

මෙම ප්‍රතිශතය මීට වඩා ඉහළ දැමීමට ජපානයේ අගමැති ෆුමියෝ කිෂිදා වැඩපිළිවෙළක් දියත් කිරීමට සූදානම් වන බව ජපාන මාධ්‍ය වාර්තා කර තිබේ. 2025 වනවිට එය සියයට 50ක් දක්වාත්, 2030 වනවිට සියයට 85ක් දක්වාත් ඉහළ දැමීම ඔහුගේ වැඩපිළිවෙළේ අරමුණයි.

ජපානයේ උපත් අනුපාතය පහත වැටීම හේතුවෙන් මේ වනවිට ජපානය මහත් ගැටලු රාශිඅයකට මුහුණ පා තිබේ. වේගයෙන් ඉහළ යන ජීවන වියදම හමුවේ දරුවන් හදාවඩා ගැනීම සඳහා යන වියදම් ද ඉහළ යෑම වැනි කාරණා නිසා මේ කාලයේ ජපාන අඹුසැමියෝ දරුවන් හැදීමෙන් බොහෝදුරට වැළකී සිටීමක් පෙන්නුම් කරයි.

2022 වසරේ ජපානයේ උපත් සංඛ්‍යාව 800,000කටත් වඩා අඩු වී ඇති අතර මෙවැනි අඩුවීමක් වාර්තා වී තිබුණේ උපත් පිළිබඳ සංඛ්‍යා ලේඛන පවත්වා ගැනීමට පටන්ගත් 1899 වසරෙන් පසු පළමු වතාවට වීම විශේෂත්වයක් බවයි ජපන් මාධ්‍ය වාර්තා කරන්නේ.

උපත් අනුපාතය පහත වැටීමත් සමඟ මහළු ජනගහනය ඉහළ යෑම නිසා ජපාන ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී තිබේ. ඉදිරි වසර හය හත ඇතුළත උපත් අනුපාතය පිළිබඳ ගැටලුව ජය ගැනීමට නොහැකි වුවහොත් කවදාවත් එය ජය ගැනීමට නොහැකි වනු ඇති බවයි ජපාන අගමැතිවරයා අනතුරු අඟවා ඇත්තේ.

පීතෘ නිවාඩු ප්‍රවර්ධනය කිරීමට අමතරව තවත් පියවර කිහිපයක් ගැනීමට රජය සැලසුම් කරමින් සිටී. දරුවන් හදාවඩා ගැනීම සඳහා ලබා දෙන ආධාර ඉහළ දැමීමද තවත් එක් පියවරකි.

#aruna