28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකා කණ්ඩායමට දඩයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට දඩයක්

නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ් හිදී පැවැති පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිළ මන්දගාමී පන්දුවාර වේගයක් පවත්වාගෙන යෑම හේතුවෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ මුදලක් පනවා තිබෙනවා.

ඒ අනුව තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැනවීමටයි කටයුතු කර ඇත්තේ. මීට අමතරව ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනින් එක් ලකුණක් ද අඩු කිරීමට කටයුතු කර තිබෙනවා.

එම තරගයේ තරග තීරක ලෙස කටයුතු කළ ජෙෆ් ක්‍රෝව් විසින් මෙම චෝදනාව ගොනුකර ඇති අතර පිටියේ විනිසුරුවරුන් වන ෂෝන් හේග් සහ වේන් නයිට්ස්, තුන්වන විනිසුරු ක්‍රිස් බ්‍රවුන් සහ සිව්වැනි විනිසුරු කෝරි බ්ලැක් විසින් එය තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් චෝදනාවට අදාළ වරද ශ්‍රී ලංකා පිළේ නායක දසුන් ශානක විසින් පිළිගැනීම හේතුවෙන් එම චෝදනාවට අදාළ පරීක්ෂණයක් සිදුනොකරන බව ICCය දන්වා තිබෙනවා.