25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසුපිරි වෙළඳසැලක් බිඳ දුම්වැටි හා කිරිපිටි සොරකම් කරලා

සුපිරි වෙළඳසැලක් බිඳ දුම්වැටි හා කිරිපිටි සොරකම් කරලා

හොරණ පානදුර මාර්ගයේ සුපිරි වෙළඳසැලකට රාත්‍රී කාලයේදී ඇතුළු වූ පුද්ගලයෙකු එහි භාණ්ඩ සොරා ගන්නා අයුරු සීසීටීවී කැමරාවක සටහන් වී තිබේ.

මෙම පුද්ගලයා වෙළඳසැලේ ඉදිරිපස වීදුරුව කඩා වෙළඳසැලට ඇතුළු වී පැයකට අධික කාලයක් එහි රැඳී සිට රුපියල් එක් ලක්ෂ පනස් දහසකට ආසන්න වටිනා දුම්වැටි තොගයක් සහ කිරිපිටි පැකට් සොරා ගෙන ඇති බවයි සුපිරි වෙළඳසැලේ කළමනාකරු හොරණ පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.