26 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඅවුන්සාන් සුකීගේ ජාතික ලීගය විසුරුවා හැරේ

අවුන්සාන් සුකීගේ ජාතික ලීගය විසුරුවා හැරේ

මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකීගේ නායකත්වයෙන් යුත් එරට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය විසුරුවා හැරීමට හමුදා පාලනය පියවර ගෙන තිබෙනවා.

මියන්මාර හමුදා පාලනය යටතේ පවතින මැතිවරණ කොමිසම එය ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මැතිවරණයක් සඳහා ලියාපදිංචි කිරීමේ කාලසීමාව සපුරාලීමට නොහැකි වූ මියන්මාරයේ දේශපාලන පක්ෂ 40 අතර ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය ද වන බව සදහන්.

මියන්මාර හමුදා පාලනය විසින් මැතිවරණයක් සඳහා දේශපාලන පක්ෂවලට ලියාපදිංචි වීමට මාස දෙකක කාලයක් ලබා දී තිබුණා.

කෙසේවෙතත්, එවන් මැතිවරණයකට තරඟ නොකරන බව අවුන් සාන් සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය පවසා තිබෙනවා.