28.9 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldදැරියගේ චිත්‍රය නිසා පියාට දෙවසරක සිර දඬුවම්

දැරියගේ චිත්‍රය නිසා පියාට දෙවසරක සිර දඬුවම්

රුසියානු – යුක්‍රේන යුද්ධයට එරෙහිව චිත්‍රයක් ඇඳි රුසියානු ජාතික දැරියකගේ පියාට වසර 02ක සිර දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු හමුදාව අපකීර්තියට පත් කිරීම සම්බන්ධයෙනුයි මෙම තීන්දුව ලබා දී ඇත්තේ.

කෙසේ වෙතත් මෙහි විත්තිකරු වන 53 හැවිරිදි ඇලෙක්සි මොස්කලෙව් තීන්දුව ලබා දෙන විට අධිකරණයේ නොසිටි අතර යෙව්රෙමොව් අධිකරණයේ මාධ්‍ය ලේකම් පැවසුවේ ඔහු නිවාස අඩස්සියේ සිට පැන ගිය බවයි.

ඇලෙක්සි මොස්කලේව්ගේ නීතිඥවරයා ප්‍රකාශ කර ඇත්තේ තම සේවාදායකයා සිටින්නේ කොහේදැයි තමා නොදන්නා බවයි.

රුසියානු ධජය සහිත භූමි ප්‍රදේශයකින් නිකුත් කරන ලද මිසයිල දෙකක් යුක්‍රේන ධජය සහිත බැම්මක් මත සිටගෙන කාන්තාවක් සහ දරුවෙකු දෙසට ගමන් කරන අයුරු දැරිය පාසලේදී ඇඳ ඇත.

මෙම සිතුවමේ දැක්වෙන්නේ කාන්තාව මෙය කිරීමට අකමැති බවට සංඥා කරන බවයි. මෙය දුටු පාසලේ විදුහල්පතිවරයා වහාම පොලිසියට දන්වා ඇත. ඉන්පසුව පොලිසිය විසින් 13 හැවිරිදි දැරිය ඇගේ පියාගෙන් වෙන් කර මෙම මස මුලදී ළමා නිවාසයකට යවා ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ රුසියාවේ ප්‍රහාර විවේචනය කරමින් අදහස් පළ කළ බව පැවසූ දැරියගේ පියාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.