26.7 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldරුසියානු - යුක්රේන අර්බුදය පැය 24කදී අවසන් කරනවා - ට්‍රම්ප්

රුසියානු – යුක්රේන අර්බුදය පැය 24කදී අවසන් කරනවා – ට්‍රම්ප්

තමන්ට පැය 24 ක් තුළ රුසියානු – යුක්රේන අර්බුදය අවසන් කළ හැකි බව ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

සාම සාකච්ඡා මාර්ගයෙන් පැය 24 ක් තුළ රුසියානු – යුක්රේන අර්බුදය අවසන් කරන බව පැවැසුවත් එය සිදු කරන ආකාරය ට්‍රම්ප් සඳහන් කර නොමැත.

2024 වසරේ ඇමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තෙක් දෙරට අතර යුද්ධය අවසන් නොවී තමන් නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුවහොත් පැය 24 ක් තුළ රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීම තමාට ඉතාමත් පහසු කාර්යයක් බව ට්‍රම්ප් පෙන්වා දී ඇත.