― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවයඹ පොලිස් ලොක්කන් රැසකට වහාම ස්ථාන මාරුවක්

වයඹ පොලිස් ලොක්කන් රැසකට වහාම ස්ථාන මාරුවක්

වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පුත්තලම නියෝජ්‍ය පොලිස්පති, පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, ආණමඩුව පොලිස් අධිකාරි හා ආණමඩුව පොලිස්ථානාධිපති ඇතුළු පස් දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.

ඒ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයටයි. මෙම මාරුවීම සඳහා මුල්ව ඇත්තේ පසුගිය 22 දී නවගත්තේගම පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකුට ආණමඩුව ආලංකුලම ප්‍රදේශයෙඩ්ජී පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් පිරිසක් සිදුකළ පහර දීමේ සිද්ධියක් බවට තොරතුරු වාර්තා වනවා.

මෙසේ පහර කෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා රාජකාරි නිමවා නිවසට පැමිණ සිටියදී ඔහුගේ නිවස ආසන්නයට පැමිණි පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් කණ්ඩායමක් කොස්තාපල්වරයාට පහර දී ඔහු පොලිස් ත්‍රිරෝද රථයක දමාගෙන ගොස් පෙරියකුලම සුසාන භුමිය ආසන්නයේ මහ මග දමාගොස් ඇති බව පැවසෙනවා.

අදාළ සිද්ධියට චෝදනා එල්ල වන්නේ පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම ඒකකයට අයත් පොලිස් පරික්ෂකවරුන් දෙදෙනෙකුට, පොලිස් සැරයන්වරයකුට, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු පස් දෙනෙකුටයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සමථයකට පත් කිරීමට මැදිහත් නොවීම මත පොලිස් විශේෂ කාර්ය බලකායට කැළලක් සිදුව ඇති බවත් ඒ අනුව මේ සඳහා ක්‍රියාත්මක නොවීමේ චෝදනාවට වයඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් ප්‍රධානින් වහාම ක්‍රියාත්මක වන පිරිදි මාරු කර ඇති බවත් දැනගන්නට ලැබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ පහර කෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා ආණමඩුව රෝහලටත් ඉන් පසුව කුරුණෑගල රෝහටත් ප්‍රතිකාර සදහා යොමු කර තිබෙනවා.

අදාළ පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් හා සෙසු පිරිස ඊයේ (28) ආණමඩුව පොලිසියට භාරවිමෙන් පසුව ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන් අප්‍රේල් 3 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූවගෙන් විමසීමක් කළා.

ඔහු පැවසුවේ ඉහත කී පොලිස් නිලධාරීන් සඳහා සේවා අවශ්‍යතාවක් මත ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි. පොලිස් නිලධාරියාට පහර දීමේ සිද්ධිය හා මෙම ස්ථාන මාරු අතර සම්බන්ධයක් ඇත්දැයි නිශ්චිතව කිව නොහැකි බව ඔහු පැවසුවා.