31.7 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොව පුරා මිලියන 300කට රැකියා අහිමි වීමේ අවදානමක්

ලොව පුරා මිලියන 300කට රැකියා අහිමි වීමේ අවදානමක්

ලොව පුරා පුද්ගලයින් මිලියන 300කට පමණ ස්ථීර රැකියා අහිමිවිය හැකි බව ලොව ප්‍රමුඛ පෙළේ ආයෝජන බැංකුවක් නිකුත් කළ වාර්තාවක දැක්වේ.

එම වාර්තාවේ දැක්වෙන්නේ කෘතීම බුද්ධිය හේතුවෙන් මෙලෙස මිනිසුන්ට රැකියා අහිමිවීමේ අවදානමක් ඇති බවයි.

විශේෂයෙන්ම අමෙරිකාවේ සහ යුරෝපයේ වෘත්තීන් 25%කට පමණ කෘතීම බුද්ධිය භාවිතයත් සමඟ බලපෑම් එල්ල විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එහෙත් එම ක්ෂේත්‍රයේ වර්ධනයත් සමග නව රැකියා අවස්ථා ඇතිවිය හැකිවීමත් ඵලදායිතාවය සැලකිය යුතු ලෙස දියුණුවීමත් ධනාත්මක ලක්ෂණ බව එහි සඳහන් වෙයි.