― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅපනයනකරුවන්ගේ පහසුව උදෙසා වාණිජ දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට

අපනයනකරුවන්ගේ පහසුව උදෙසා වාණිජ දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට

වාණිජ දෙපාර්තමේන්තුව මඟින් අපනයනකරුවන් වෙත ලබාදෙන අපනයන ප්‍රභව ස්ථාන සහතිකය ( Certificates of Origin) ලබාදීමේ ක්‍රියාවලිය ඩිජිටල්කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කෙරිණි.

ඒ සම්බන්ධයෙන් වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සහ ජ්‍යාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයේ (The International Trade Center ) ව්‍යාපෘති කළමණාකාරිනී රාගද් ඇල්ටලී (Ms. Raghad Altalli, Programme Manager and Trade Facilitation Advisor) මහත්මිය සමඟ වෙළෙඳ අමාත්‍යාංශයේදී අද (30) සාකච්ඡාවක් පවත්වන ලදී.

ශ්‍රී ලංකාව තුළ කුඩා පරිමාණ ව්‍යවසායකයන් සඳහා වෙළෙඳාම් පහසුකිරීමේ ව්‍යාපෘතිය (The Trade Facilitation for SMEs project) යටතේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ඒකාබද්ධ ආයතනයක් වන හා ජ්‍යාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය (ITC) හා the Deutsche Gesellschaft for Internationale Zusammenarbeit (GIZ) මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ,ආර්ථික සහයෝගීතාවය හා සංවර්ධනය සඳහා වන ජර්මන් ෆෙඩෙරල් අමාත්‍යාංශය විසින් අරමුදල් ලබා දෙන ලදී. ( German Federal Ministry for Economic Cooperation and Development (BMZ)) .

මෙම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය සම්පූර්ණ තාක්ෂණික සහයෝගය ලබා දෙන අතර මෙම සාකච්ඡාවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් සඳහා වඩා හිතකර පරිසරයක් නිර්මාණය වන බවත්, ශ්‍රී ලංකාව තුළ වෙළෙඳ පහසුකම් වර්ධනය කිරීම සඳහා මෙන්ම ආර්ථික වර්ධනය සඳහා ඉතා වැදගත් සංධිස්ථානයක් වන බවයි.

මෙම නව ක්‍රියාවලිය හරහා අපනයන ක්‍රියාවලියට අදාළ සෑම කාර්යක්ම මාර්ගගත ක්‍රමයට සිදු කිරීමට හැකියාව ලැබෙන අතර අපනයනකරුවන් හට වාණිජ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් තොරවම ලියාපදිංචි වීමට, සියලුම ලිපිලේඛණ ලබා දීමට, තොරතුරු ලබා ගැනීමට මෙන්ම බැංකු කාඩ්පත් හරහා ගෙවීම් සිදුකිරීමටද අවස්ථාව උදාවේ. ඒ අනුව එම කාර්යයන් සඳහා වැය වන කාලය හා ශ්‍රමය ඉතිරි කර ගැනීමටත්, කඩදාසි ඇතුළු ලිපිද්‍රව්‍යය භාවිතය අවම කිරීමටත් මේ ඔස්සේ හැකියාව ලැබේ. ඒ අනුව ප්‍රථමයෙන් ඉන්දියානු ශ්‍රි ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළව සියලුම දත්ත ඩිජිටල්කරණ ක්‍රියාවලිය ආරම්භ කළ අතර අනිකුත් රාජ්‍යයන් සමඟ ඇති වෙළෙඳ ගිවිසුම්වලට අදාළවද ඉදිරියේදී මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම අරමුණයි.

මෙම අවස්ථාව සඳහා ජ්‍යාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයේ (The International Trade Centre ) රාගද් ඇල්ටලී -Programme manager and Trade facilitation advisor, ආචාර්ය ධර්මසිරි කුමාරතුංග- Senior National Consultant, කනිෂ්ක වීරමුන්ද – IT Senior Consultant , සුවෙන්ද්‍රනී ජයරත්න- National project advisor, මොහොමඩ් ෆියාස් – National Consultant වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් අයි.එම්.පී.එම්.බී අතපත්තු, වෙළෙඳ අමාත්‍යාංශ අතිරේක ලේකම් හා වාණිජ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ගිල්මා දහනායක ඇතුළු වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී වූහ.