28.4 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගෝඨාගේ වැනෙන තීරණ නිසා ජනපතිකම අහිමි වුණා - සාගර

ගෝඨාගේ වැනෙන තීරණ නිසා ජනපතිකම අහිමි වුණා – සාගර

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අසමත් වූ බවත් රනිල් වික්‍රමසිංහ පක්ෂයේ ප්‍රතිපත්ති සාර්ථකව ඉදිරියට රැගෙන යන බවත් පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අපි ගෝඨාභයව ජනාධිපති කරවලා බලාපොරොත්තු වුණේ එතුවා කෙළින් වැඩ කරන, සෘජු තීරණ ගන්න නායකයෙක් වෙයි කියලා. නමුත් ඔහු සෘජු තීරණ ගත්තේ නෑ. ඒකේ ප්‍රතිඵලයක් විදියට ඔහුට ජනාධිපති ධුරය දාලා යන්න වුණා. අපි බලාපොරොත්තු වූ පාලනය ගෙනියන්න ඔහුට බැරි වුණා. ඒක නිසයි අපි රනිල්ව ජනාධිපති කළේ.