25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රීරෝද රථ ගාස්තු අඩු කරන්න බෑ කියයි

ත්‍රීරෝද රථ ගාස්තු අඩු කරන්න බෑ කියයි

ත්‍රීරෝද රථ ගාස්තු අඩුකළ නොහැකි බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමය පවසයි.

එහි සභාපති මෙරිල් දිසානායක පවසන්නේ ඉන්ධන මිල අඩු කිරීමේ ප්‍රමාණය මත කිසිසේත්ම ත්‍රිරෝද රථ ගාස්තු අඩු කළ නොහැකි බවයි.

ත්‍රිරෝද රථයක් පෙට්‍රල් ලීටරයකින් ධාවනය කළ හැක්කේ කිලෝමිටර 20ක් පමණ වන අතර පෙට්‍රල් ලීටරයකට රුපියල් 60ක් අඩුකිරීම නිසා කිලෝමීටරයකින් අඩු කළ හැක්කේ රුපියල් 3ක මුදලක් බවයි ඔහු අවධාරණය කරන්නේ.

ටයර් මිල, නඩත්තු වියදම් හා පාරිභෝගික භාණ්ඩවල අධික මිල නිසාත් ත්‍රිරෝද රථවලින් ගමන් යෑම ජනතාව බොහෝ සේ සීමාකර ඇති නිසාත් මේ වන විට කර්මාන්තය කඩා වැටී ඇති බව ඔහු පැවසීය.