32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරට බංකොලොත් වුණේ පැවැති රජයන්වල දූෂණ, වංචා නිසා

රට බංකොලොත් වුණේ පැවැති රජයන්වල දූෂණ, වංචා නිසා

රට මේ තත්ත්වය දක්වා බංකොලොත් වුණේ පැවැති රජයන්වල පැවැති දූෂණ වංචා හේතුවෙන් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ 13 වැනි සංශෝධනය අනිවාර්යයෙන්ම ක්‍රියත්මක විය යුතු බවත් ඊට එහා ගිය බලය බෙදීමක් හෝ සිදු කළ යුතු බවත්ය.

අද අපි බංකොලොත් රාජ්‍යයක් කියලා රජයම ප්‍රකාශ කරලා තියෙනවා. 1000%ක් පැවති රජයන්වල දේශපාලඥයන්ගේ, පරිපාලන සේවයේ, පොලීසියේ දූෂණ නිසා තමයි අපේ රටට මෙහෙම වුණේ. අපි කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙවෙයි. අපි අසාර්ථක රාජ්‍යයක්. මම නම් මාව මැරුවත් 13 ගැන කතා කරනවා. 13 නැතුව අපිට රට ඉදිරියට ගෙනියන්න බැහැ.