― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිපක්ෂයේ 17ක් රනිල්ට සහය දෙන්න සූදානමින්?

විපක්ෂයේ 17ක් රනිල්ට සහය දෙන්න සූදානමින්?

සජිත් ප්‍රේමදාස නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 17 දෙනෙක් , ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වීමට නියමිත බවට තොරතුරු අනාවරණය වී තිබේ.

කෙසේනමුත් මේ සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැත.

ඒ අනුව විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් 17 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වීමට නියමිත බව පමණක් දැනගන්නට ලැබේ.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් හා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිදෙනෙක් මෙල රනිල් හා එක්වන බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.