31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑළවළු මිල පහළට

එළවළු මිල පහළට

ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ගණන් මේ වනවිට ඉතා අඩු මට්ටමක පවතින බව අප වාර්තාකරුවන් පවසනවා.

ඒ අනුව පෑලියගොඩ මැනිං වෙළඳපොලේ ඊයේ (30) කැරට් කිලෝවක් රුපියල් 90 – 100ත් අතර මිලකටත් වට්ටක්කා කිලෝග්‍රෑමයක් රුපියල් 35 – 50ත් අතර මිලකටත අලෙවි වී තිබේ.

එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝග්‍රෑමයක් රුපියල් 80 දක්වා පහත වැටී ඇති අතර උඩරට නොවන බීට් රුපියල් 60 – 80ත් අතර මිලකටයි අලෙවි වී ඇත්තේ.

ආනයනික ලොකු ළුෑණු මිලද රුපියල් සියයට අඩු අගයක් ගන්නා අතර ආනයනික අර්තාපල් මේ දිනවල ආර්ථික මධ්‍යස්ථානවල අලෙවි වන්නේ රුපියල් 140කට අඩු තොග මිලකටයි.