26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධි උද්ධමන රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව හැලෙයි

අධි උද්ධමන රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව හැලෙයි

ලෝකයේ අධි උද්ධමනයක් සහිත රටවල් ලැයිස්තුවෙන් වසරකට ආසන්න කාලයකට පසුව ශ්‍රී ලංකාව ඉවත් කර තිබේ.

ජොන් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැංකි විසින් සති දෙකකට වරක් ප්‍රකාශයට පත්කරන ලද උද්ධමන ලැයිස්තුවෙනුයි මෙලෙස ශ්‍රී ලංකාව ඉවත් කර ඇත්තේ.

ඔහුගේ උද්ධමන දර්ශකයේ මීට ටික කලකට පෙර ආසියාවේ ඉහළම උද්ධමනයක් ඇති රට ලෙස දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත් විය. ඒ අනුව මාර්තු 23 වැනිදා නිකුත් කර ඇති උද්ධමන දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ඇති අතර රටවල් 18ක් එම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.