23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportපැතුම්ගෙන් අති විශිෂ්ඨ අර්ධ ශතකයක්

පැතුම්ගෙන් අති විශිෂ්ඨ අර්ධ ශතකයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සිය 06 වන එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට අද (31) සමත් වුණා.

නවසීලන්තය සමඟ හැමිල්ටන් හිදී මේ වනවිට පැවැත්වෙන තුන්වන එක්දින තරගයේදී පැතුම් මෙම අර්ධ ශතකය රැස් කළා. නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා අනෙකුත් මුල්පෙළ පිතිකරුවන් සියල්ලන්ම අන්ත අසරණ වෙද්දී පන්දු 58ක් තුළ පැතුම් රැස්කළ මෙම අඟනා අර්ධ ශතකයට හතරේ පහර 07ක් සහ එක් හයේ පහරක් ඇතුළත්.

මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිළ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර මේ වනවිට කඩුලු 05ක් දැවී ලකුණු 90ක් රැස්කරගෙන ඉතා අසීරු අඩියක පසුවනවා.