― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමල් කැකුළකට හදි කළ සුළු පියා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

මල් කැකුළකට හදි කළ සුළු පියා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

වව්නියාව, තාණ්ඩිකුලම් ප්‍රදේශයේ වසර 04ක පමණ කාලයක සිට 10 හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයට ලක් වීමේ පුවතක් වාර්තා වනවා.

දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත ඇයගේ සහෝදරයා, සුළු පියා හා ඥාතියෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අපයෝජනයට ලක්වූ දැරිය වව්නියාව, තණ්ඩිකුලම් ප්‍රදේශයේ නාගරික පාසලක 5 වසරේ ඉගෙනුම ලබයි. පසුගිය බදාදා එම සිසුවිය තමාට නිවසේදී සිදුවන කෲරත්වය සහ ලිංගික අපයෝජනය පිළිබඳව තම පන්තියේ මිතුරියට පවසමින් හඬා වැටී තිබේ.

ඉන් අනතුරුව අදාළ දැරියගේ මිතුරිය විසින් මේ පිළිබඳව තම පන්ති භාර ගුරුතුමියට දැනුම් දී ඇත. ගුරුවරිය අදාළ දැරියගෙන් සිද්ධියේ සත්‍ය අසත්‍යතාවය විමසා වහාම එය වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ළමාරක්ෂක ඒකකයට වාර්තා කළාය.

ඔවුන් වවුනියාව පොලිස් ස්ථානයේ ළමා හා බාලිකා කොට්ඨාශයට දැනුම් දීමෙන් පසු පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා. එම දැරියට පසුගිය වසර 4ක කාලය තුළ පුද්ගලයන් තිදෙනෙකු විසින් අඛණ්ඩව ලිංගික අතවර කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වීමත් සමඟ කඩිනමින් ක්‍රියාත්මක වූ වවුනියාව අපරාධ නිවාරණ කොට්ඨාශය සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

10 හැවිරිදි සිසුවියගේ ප්‍රකාශය මත මවගේ 32 හැවිරිදි දෙවැනි සැමියා, 16 හැවිරිදි තම සහෝදරයා හා 53 හැවිරිදි ඥාතියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර විමර්ශනවලින් අනතුරුව තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ පරීක්ෂාව සඳහා වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් වවුනියාව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.