27.8 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල පහළට

ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල පහළට

ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව සුදු සිනි, පරිප්පු සහ තිරිඟු පිටිවල මිල අඩුවී ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

රුපියල් 220 ක්ව පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 200ක් වන අතර, රුපියල් 340ට පැවති පරිප්පු කිලෝවක මිල මේ වන විට සටහන් වන්නේ රුපියල් 310ක් ලෙසයි.

එමෙන් ම රුපියල් 230ක් ව පැවති ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල මේ වනවිට දැක්වෙන්නේ රුපියල් 210ක් ලෙස එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න කියා සිවියේ.