31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදුම්වැටි නිසා ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයින් 40කට ආසන්න පිරිසක් මිය යනවා

දුම්වැටි නිසා ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයින් 40කට ආසන්න පිරිසක් මිය යනවා

මූළු වැටි වලට ඇති ආකර්ශණය අඩු කිරිමේ අරමුණින් අද (01) දිනයේ දිප ව්‍යාප්තව විශේෂ වැඩසටහන් රැසක් මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍ය ස්ථානය විසින් සංවිධානය කර තිබෙනවා.

අද අප්‍රේල් මස 1 වනදා බැවින් “ කවමක් දුම්වැටි බොන කිහිප දෙනාට සුබ උපන් දිනයක් වේවා” යන්න ප්‍රදර්ශනය කරමින් දිවයිනේ ප්‍රධාන නගර වල ස්ථාන 21 ක, පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් මෙම විශේෂ වැඩසටහන් ක්‍රියාත්මකයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කරන ආකාරයට වසරකට 15,000ක පිරිසක් දුම්වැටි භාවිතය නිසා ජිවිතක්ෂයට පත්වනවා.

මේ අතර, දුම්වැටි භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයින් 40කට ආසන්න පිරිසක් මියයන බවයි මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ ව්‍යාපෘති සමිබන්ධීකාරක ධනුජිත සදූෂ කියා සිටියේ.