29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනිධන් සෙවූ හමුදාවේ තුනක් සහ චීවරධාරියෙකු අත්අඩංගුවට

නිධන් සෙවූ හමුදාවේ තුනක් සහ චීවරධාරියෙකු අත්අඩංගුවට

තොප්පිගල ප්‍රදේශයේ පුරාවිද්‍යා ප්‍රදේශයක ස්කෑන් යන්ත්‍ර යොදා නිධන් කැණීමේ නිරත වූ හමුදා සෙබළුන් තුන් දෙනෙකු සහ චීවරධාරියකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර හමුදා සෙබළුන් වැලිකන්ද ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරමින් සිටි පිරිසක් බවටයි හෙළිවී ඇත්තේ.

යුද හමුදාවට අයත් ජිප් රථයක් ද සැකකරුවන් සමග කරදියනාරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන සිටින හමුදා නිලධාරීන් සමඟ චීවරධාරියා හෙට එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සැකකරුවන් ස්කෑන් යන්ත්‍ර යොදා නිධන් සෙවූ ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සලකුණු කරන ලද ස්ථානයක් බවට හඳුනාගෙන තිබෙන බව ද සඳහන්.

අත්අඩංගුවට ගෙන සිටින චීවරධාරියා රත්නපුර ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන හිමිනමක් බව ද පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

වව්නතිව් පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර තිබෙන අතර ඉදිරි විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් සමග අත්අඩංගුවටගත් ස්කෑන් යන්ත්‍ර සහ යුද හමුදා ජීප් රථය භාරදී ඇත්තේ කරදියනාරු පොලිසිය වෙතටයි.

කරදියනාරු පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා.