26.7 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldයුක්‍රේනයට ආධාර ලබා දීමට IMF අනුමැතිය

යුක්‍රේනයට ආධාර ලබා දීමට IMF අනුමැතිය

යුක්‍රේනය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 15.6 ක ආධාර පැකේජයක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අනුමැතිය හිමිව තිබේ.

ඒ, යුද ගැටුම් වලින් බිඳ වැටුණු එරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහායි.

පසුගිය වසරේ ආර්ථික ක්‍රියාකාරකම් 30% කින් පමණ අඩුවීමත් සමග යුක්‍රේනය දරිද්‍රතාවය කරා ගමන් කරමින් ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේ ය.

අදාළ ආධාර පැකේජයෙන් ඩොලර් බිලියන 2.7 ක් කඩිනමින් ලබාදීමට නියමිතව තිබෙන අතර ඉතිරි මුදල් හිමිවන්නේ වසර 4 ක් තුළයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථනයට අනුව ගැටුම් අඛණ්ඩව පැවතියහොත්, ඩොලර් බිලියන 115 ක් පමණ වන යුක්‍රේනයේ මූල්‍ය අවශ්‍යතාව ඩොලර් බිලියන 140 ක් පමණ දක්වා ඉහළ යනු ඇති.