28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආණ්ඩුව දැවැන්ත මර්දනයකට සූදානම් වෙනවා - ජී. එල් .පීරිස්

ආණ්ඩුව දැවැන්ත මර්දනයකට සූදානම් වෙනවා – ජී. එල් .පීරිස්

ගත වූ දින කිහිපයේදී බිල්පත් නොගෙවීම නිසා පවුල් 87,000ක ජල සැපයුම් විසන්ධි කර ඇති බවත් විදුලිබල පරිභෝජනය ද සියයට 20 කින් අඩු වී ඇති බවත් නිදහස ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල් .පීරිස් පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේ දී අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙවැනි තත්වයක් තුළ දැඩි පීඩාවකට පත්ව සිටින මෙවැනි ජනතාවගේ ප්‍රතිචාර දන්නා නිසා රජය මහා පරිමාණ දැවැන්ත මර්දනයකට සූදානම් වන බවයි මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ.

ඒ සඳහා වන නීතිමය අඩිතාලම ඇති කරගැනීම සඳහා ඉතා භයානක පනතක් වන ත්‍රස්ත විරෝධී පනත සම්මත කරගැනීමට රජය උත්සාහ ගන්නා බවත් එය පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා භයානක එකක් බවත් හෙතෙම අවධාරණය කළේය.

කිසිදු ජන මතයක් නොමැති ආණ්ඩුවකට මෙවැනි පනතක් ගෙන ඒමට කිසිදු සුජාතභාවයක් නැති බව කී පීරිස් මහතා ලැබුණු ජනවරමට පයින් ගසා ජනතාව අන්දා කරන මේ වැඩපිළිවෙලට අවසරදීමට වත්මන් පාර්ලිමේන්තුවට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.