― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඇඟලුම් අපනයන ආදායම පහළට

ඇඟලුම් අපනයන ආදායම පහළට

මෙරට ඇඟලු‍ම් අපනයන ආදායම මේ වනවිට අඩුවෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කොවිඩ් වසංගත සමයේදීද මෙලෙස ඇඟලු‍ම් අපනයන ආදායම කඩා නොවැටුණු බවයි.

ඒ අනුව 2022 පෙබරවාරි මාසයේ ඇඟළු‍ම් අපනයන ආදායම ඩොලර් මිලියන 496.4ක් වී තිබූ අතර මෙම වසරේ පෙබරවාරි මාසයේදී එය ඩොලර් මිලියන 431.3 දක්වා පහත වැටී තිබේ.

එසේම පසුගිය 2022 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස දෙකේදී ඇඟලු‍ම් අපනයනයෙන් ඩොලර් මිලියන 1012.5ක් උපයාගෙන ඇති අතර මෙම වසරේ මුල් මාස දෙකේදී එය ඩොලර් මිලියන 855.7 දක්වා සියයට 15.5කින් අඩු වී ඇති බවයි මහ බැංකු වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.